Bundala National Park
Bundala National Park things to do, attractions, restaurants, events info and trip planning
Plan your stay
Posts
Sri lanka National Park
LeahLeah
110
When Dreams Come True
LaylaLayla
340
How to have fun in Sri Lanka
ElijahElijah
350
Sri Lanka | National Parks
ClaireClaire
370
Let's come to Sri Lanka to watch birds
MayaMaya
180
බූන්දල ජාතික වනෝද්‍යානය 🐘🐒🦅🦩🦀 වර්ෂ 1993 ජනවාරි 04 දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බූන්දල ජාතික වනෝද්‍යානය දකුණු මුහුදු තීරයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි හම්බන්තොට නගරයට උතුරු දෙසින්ද, යාල ජාතික වනෝද්‍යානයට දකුණු දෙසින්ද, බටහිරින් හම්බන්තොට බූන්දල මහා මාර්ගයෙන්ද, නැගෙනහිරින් කිරිඳි ඔයෙන්ද මායිම් වී ඇති හෙක්ටයාර 6216 වැනි විශාල නොවූ බිම්ප්‍රමාණයක පිහිටියද ජෛව විවිධත්වය වැඩිම අගයක් පෙන්නුම් කරනු ලබන ජාතික වනෝද්‍යානයකි. එසේම වර්ෂ 1990 ඔක්තෝබර් මස 15 දින දී ශ්‍රී ලංකාවෙන් ප්‍රථම අන්තර්ජාතික රැම්සා තෙත්බිම ලෙස බූන්දල ජාතික වනෝද්‍යානය ජාත්‍යන්තර ලේඛනයක් යටතට ගොනුකරනු ලැබූ රැම්සා ලේඛනයේ වටිනාම තෙත් බිම් අතරට එක්කරනු ලැබීය. ඉන්දු ආසියා පක්ෂි සංක්‍රමණික මාර්ගයේ අවසන් නවාතැන් කිහිපයෙන් එකක්වන බූන්දල හා ඒ අවට කලපු (මහලේවාය කලපුව , කොහොලන්කල කලපුව, මලල කලපුව, ඇඹිලිකල කලපුව, බූන්දල ලේවාය කලපුව) පද්ධතිය ආරක්ෂා කරගැනීමේ මූලික අරමුණ ඇතිව වර්ෂ 1969 දෙසැම්බර් මස 05 දින දී අභයභූමියක් ලෙස නම්කොට වර්ෂ 1993 ජනවාරි 04 දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. ඓතිහාසික වශයෙන් ගත්කල ප්රාග් ඓතිහාසික යුගයට අයත් මානවයකුගේ පොසිල සාක්ෂි හමුවීමෙන් පසු උද්‍යානය තුල ඇති පතිරාජ පෙදෙස පුරා විද්‍යාත්මකව අතිශය වැදගත් වු පෙදෙසක් ලෙසට හදුනා ගෙන ඇත. පතිරාජ ප්‍රදේශයෙන් හමු වු සුවිශේෂී බොරළු හා පස් ස්ථර අවුරුදු 74,000 -64, 000 ත් අතර පැරණි ඒවා බව තහවුරු වී ඇත. කාබන් 14 පර්යේෂණ වලට අනුව මෙම බොරළු ස්ථර චාතුර්ථ යුගයේ ඉරණමඩු නම් සංයුතියට අයත් බවට හා මෙම බොරළු තට්ටු අතර තිබි හමු වු ක්ෂුද්‍ර ගල් මෙවලම් අනුව ශිලා යුගයේ මේ ප්‍රදේශයේ මනුෂ්‍ය ජනාවාසයක් තිබු බවට සාධක පුරා විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. තවද බූන්දල ප්‍රදේශයේ වැලි කඳු ආශ්‍රිතව අඩසදාකාර හා ත්‍රිකෝණාකාර ගල් මෙවලම් හමු වීමෙන් දිවයිනේ මානව ඉතිහාසය පිළිබදව වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනිමට හැකිව තිබේ. එක්සත්ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) මගින් මිනිසා සහ ජෛව ගෝලීය රක්ෂිතයක් ලෙස (Man Biosphere Reserve)බූන්දලජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කර ඇත. බූන්දල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රිකයේ මාගම්පත්තුවට අයත් ප්රදේශයේය.පහතරට වියළි කලාපයට අයත් මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 107.4 ක් සහ සාමාන්‍ය උෂ්ණත්වය 27°C ක් පමණ වන නමුත් අප්‍රේල්,මැයි, ජුනී මාසවල උෂ්ණත්වය බොහෝ වැඩි අතර පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණික තත්වයක් පවතී. උද්‍යානයේ 1/3 ක් පමණ ප්‍රධාන කලපු ආශ්රිත ජලයෙන් යට වී ඇත. මෙයට අමතරව ලවණ හැල්, වැලි කදු, කඩොලාන, තෘණ භූමි වලින් සමන්විත වේ.මෙම උද්‍යානයේ පිහිටා ඇති ප්‍රධාන පාරිසරික කලාප වන්නේ කටු පදුරු සහිත ලදු කැලෑ සහ කලපු වේ.මෙම පාරිසරික පද්ධතීන් වලට අමතරව මෙහි හමුවන අනෙක් පාරිසරික පද්ධතීන් වනුයේ ශුක්ෂ කලාපීය වනාන්තර (පලු ශාකය ප්රමුඛ වේ),වැලිතුඩු ආශ්රිත ශාක ප්‍රජාවන්,වෙරළාසන්න ශාක ප්‍රජාවන්,වෙරළබඩ තෘණ භූමි,ගංගාධර වනාන්තර, කලපු අන්දර ලදු කැලෑ, ලවණ වගුරු, කඩොලාන සහ වරින් වර ජලයෙන් යටවන වැව් සහ පොකුණුය. උද්‍යානයෙන් දකුණු සීමාවෙන් මුහුදට වැටෙන කිරිඳි ඔයදෙපස ගංගාධර වනාන්තර දැකිය හැක. මෙම පාරිසරික පද්ධති වලින් සපුෂ්ප ශාක විශේෂ 383 ක් පමණ වාර්තා වි ඇත. ඒ අතුරින් ශාක විශේෂ 06 ක් ඒකදේශීය වන අතර විශේෂ 07 ක් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇත.ඒකදේශීය ශාක ලෙස පලු, මලිත්තන්, කටුපිල, රණවරා, වීරප්රමුඛ ශාඛ වේ. වෙරළබඩ ශාක ලෙස මහා රාවණ රුවුල, මුහුදු බිම් තඹුරු සහ විශ්ණුක්‍රාන්ති වේ. ආක්රමණික ශාක ලෙස පරිසර පද්ධතිය පුරා පැතිරි යන කලපු අන්දර සහ පතොක් උද්‍යානයේ ස්වභාවික ශාක සහ සත්ත්ව ප්‍රජාවේ පැවැත්මට තර්ජනයක් වී ඇත. සත්ත්ව විශේෂ සලකා බැලීමේදි ආසියානු අලියාප්රධාන තැනක් ගනී.ස්ථිර නේවාසික අලින් 10-15 ත් අතර සංඛ්‍යාවක් සිටින අතර,වසරේ වරින් වර උද්‍යානය තුලට පිටතින් පැමිණෙන සංචාරක අලි කණ්ඩායම් 25-50 ත් දක්නට ලැබේ. වෙනත් ක්ෂීරපායි සතුන් ලෙස තිත් මුවා, වල් ඌරා, හිවලා, රිලවා, හාවා සහ අළු වදුරා, කොටියා සහ ඉත්තෑවා ද උරගයන් ලෙස හැළ කිඹුලා, ගැට කිඹුලා යන කිඹුල් විශේෂ දෙකද සර්පයන් වන පිඹුරා,නයා ද සුවිශේෂී වේ. රජ සියක්කාරයා, කළු පෙද ගොහොදු විත්තා උද්‍යානයට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් කිහිප දෙනෙක් වේ. රජ සියක්කාරයන්ගේ පරාදීසයක්ව පැවැති මෙම භුමි ප්‍රදේශය වර්තමාන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් කලපු තුලට මිරිදිය ජලය මුසුවීමෙන් ඇති වු ආහාර හිඟය මෙම පක්ෂීන්ගේ පැමිණීම අඩු විමට බලපා ඇත.🥲 සංචාරක මධ්‍යස්ථානයක්ද, සිහිවටන අලෙවි සැලක්ද පිහිටුවා ඇති බූන්දල ජාතික උද්‍යානය තුළ කුරුල්ලන් නැරඹීම සදහා ඉදි කරණු ලැබු විශේෂ කුරුළු අංගනයක් ද වේ.බංගලා පහසුකම් සලසා නොමැති අතර කඳවුරු බිම් කිහිපයක් ඇත.
Chathupa UdayangaChathupa Udayanga
00
- Please manually select your location for better experience