Our great treasures that are about to disappear from the world. Rajagala or this Rassahela AD. Belongs to the 3rd century. This is located in Uhana area of Ampara. It is believed that this was done for Arahant Mahinda. The most valuable artefacts of this monastery can be seen on the surface. The two large spherical vessels made of whole stone made to collect spring water cannot be found in any other country in the world. Also, the water baths made of stone are very valuable. The Sri Pada here is a pair as well as the stupa without towers is different from other places. Also, although not in the shape of a pyramid, the stupa made of stone is very different. Gallentula is also famous for its exquisite art. It is the responsibility of those responsible to protect such areas and preserve the ruins. What many of us do not know about these...
Read moreනැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජගලතැන්න ග්‍රාමයේ රජගල පුදබිම පිහිටා තිබේ. රජගල පුදබිම කන්ද අතීතයේදී රාස්සහෙල නමින්ද හඳුන්වා ඇති අතර මේ බෞද්ධ සංඝාරාමය මහින්දාගමනය හා සමඟ ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයෙහි බිහි වූ ආරාම සංකීර්ණයන්ගෙන් ප්‍රධාන ස්ථානයක් ලද්දකි.
රජගල ඇති පැරණිම ශිලා ලේඛනයක මෙම ස්ථානය “ධන තිස පවන” නමින් හඳුන්වා තිබේ. එයට මදක් පසුකාලීන ලිපියක “අරිය අරක ගරිකිබලව් තිස පවත මහ වහර” ලෙස සඳහන් වේ. එනම් අරයාකර ගිරිකුම්භිලවාපි තිස්ස පබ්බත විහාරය යන නාමයයි. මෙහිම වූ II වන මහින්ද රජුගේ කාලයට අයත් යැයි සැලකෙන තවත් ලිපියක මෙම පුදබිම හඳුන්වා ඇත්තේ “අරිත්තරා වෙහෙර”යන නමිනි. දීඝවාපිය පාලනය කළ ලජ්ජතිස්ස කුමරු ගිරිකුම්භිල නම් විහාරයක් කරවන ලද බව මහා වංශයේ දැක්වේ. රජගල කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ ජනවාසකරණයේ ආරම්භය ප්‍රාග් ඓතිහාසික අවධිය තෙක් දිව යයි. තැනින් තැන හමු වූ ශිලා මෙවලම් නිෂ්පාදන ස්ථාන මේ බව සනාථ කරයි.
කන්දෙහි තැනින් තැන විශේෂයෙන් බටහිර බෑවුම් ප්‍රදේශයේ හා කඳුවැටියේ උතුරු කොටසේ ගල් පර්වත ඇසුරෙහි සිය ගණනක් කටාරං ලෙන් දක්නට ලැබේ. ක්‍රි.පූ. 3 වන සියවසේදී පමණ ඇරඹි සංඝාරාමය සියවස් ගණනාවක් පුරා පැවති බව පෙනේ. දාගැබ්, ප්‍රතිමා ගෘහ, දාන ශාලා, බෝධිඝර, ආවාස ගෘහ, පොකුණු, පෙත්මග ආදී සිය ගණනක් ගොඩනැගිලි භූමියේ හාත්පස දක්නට ලැබේ. කන්දේ බටහිර බෑවුමේ මධ්‍ය කොටසේ සංකීර්ණයට ජලය සපයන්නා වූ දැනට බිඳී ගිය වැවක්ද වෙයි.
මෙහි කාල වකවානු ගණනාවකට අයිති ශිලා ලේඛන සමූහයක්ද වෙයි. ඒ අතර කටාරම් ලිපි රාශියක් හා ගිරිලිපි කිහිපයක්ද දක්නා ලැබේ. පුද බිමෙහි අතිශය වටිනා පුරාවිද්‍යාත්මක සාධකයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් ශිලා ලේඛනයයි. එහි මහින්ද තෙරුන් හා ඉට්ඨිය තෙරුන්ගේ නම් සඳහන් වීම මහින්දාගමනය මේ පිළිබඳ වංශකථාගත ප්‍රවෘත්තිය සනාථ කරනු ලබයි.
රජගල නටබුන් අතර අඩක් නිමකළ හිටි බුදු පිළිමය, දිය පිහිල්ල හා ඒ හා සබැඳි සුවිසල් ශිලාමය පාත්‍රා දෙකක්ද වේ. දිය පිහිල්ල තවමත් ක්‍රියාත්මකය. පුන්කලද දෝතින් රැගෙන සිටින ආකාරයෙන් දැක්වෙන මුරගල හා නාග රාජ හා නාග රාජිනී යුගලය සහිත මුරගල් ද දුර්ලභ කලා කෘති වේ.
ශිලාමය පාත්‍රා සහිත ස්ථානයට ඉහළින් කඳු බෑවුමේ පිහිටි ගල් පුවරු යොදා ඉදි කළ උළුවස්ස සහිත ගල් ලෙන ද තවමත් නිරුපද්‍රිතව දක්නට ලැබේ.
කාලය නිශ්චිත නොමැති ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් ද අනුරාධපුර යුගයට අයත් සේ සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක්ද මේ පුදබිමේ...
Read more🧗🏻♂️I had the good fortune to spend one day here in close association with nature and will never forget that experience. You will have to walk through a dark environment that is more intriguing than its other forests. There are many opportunities to get lost,Protect the...
Read more