" සිරි පැරකුම් " චිත්‍රපටය රූගත කළ දුනුමාල ඇල්ල... උදේම පිටත් වූ අප map එක ආධාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උඩුවක නගරයේ ඇති ගලපිටමඩ ගමේ තියෙන දුනුමාල ඇල්ල බැලීමට පිටත් විය. Map එකේ location එක හරි විදියටම තියෙනවා. කඩවත ඉදන් 40km දුරක් පැය එකහාමරක වගේ කාලයක් ගෙවාගෙන පාර දෙපස වනරොද සහිත වූ නිස්කලංක තාර පාරෙන් දුනුමාල ඇල්ලට ලගා විය. අපගේ වාහනය ඒ අසලම තිබූ රථ ගාලෙහි නැවැත්තුවේය. එම රථ ගාල ඇල්ල බැලීම සදහාම එන මිනිසුන්ටම වෙන් වූ මුදල් අය කරන රථ ගාලකි. රථ ගාලට ටිකක් ඉදිරියෙන් ඇල්ල ට යන පල්ලමක් සහිත 👣 අඩිපාරක් විය. ටයර් දමා පස් පුරවා සකස් කරන ලද පඩිපෙල් මතින් බැස අප සෙමෙන් ඉදිරියට යන්නට විය. එන්න එන්නම පටු වන මාර්ගයෙන් අප ඉදිරියටම යද්දී ඇල්ලේ ඇසෙන ජල ශබ්දය කෙමෙන් කෙමෙන් වැඩි විය. 300m පමණ ගෙවා අප 45m උසැති දුනුමාල ඇල්ල අසලට පැමිණෙන්නට විය. ස්භාවික සුන්දරත්වයෙන් හෙබි සෞම්‍ය දේශගුණයක් යටතේ පවතින දිය ඇල්ලකි. දිය ඇල්ල උඩට පහසුවෙන් ගමන් කළ හැකිය. ගල් මත දියසෙවෙල ඇති බැවින් පරිස්සමෙන් ගල් මතින් යා යුතු වේ. ඇල්ල උඩ සිට පහත බැලූ විට එතරම් ලස්සනක් නොවුනත් පහල සිට බැලූ විට ලස්සන දර්ශනයක් ඔබට දැකීමට හැකිවනු ඇත. දිය ඇල්ල පාමුල කුඩා බේසමක හැඩති ස්භාවික තටාකයකි. සාමාන්‍ය වර්ශාපතනක් ඇති කාල වලදී මෙහි දිය නෑමට ඉතා සුදුසුය. දුනුමාල දිය ඇල්ල ප්‍රසිද්ධියට පත් වන්නේ " සිරි පැරකුම් " චිත්‍රපටය රූගත කළ ස්ථානයක් නිසාවෙනි. නමුත් ඒ ප්‍රසිද්ධිය නිසා වූ විනාසය වට පිටාව බැලූ විට අපට තදින්ම පෙනෙන්නට විය. දුනුමාල ඇල්ලට අයත් ස්භාවික පරිසරය පොලීතීන් , ප්ලාස්ටික් , බෝතල් වලින් විනාශය පත් වී ඇත. ඔබ එහි සුන්දරත්වය විදින්න යන්නේ නම් එහි කැලි කසල නොදමන්න වග බලා ගන්න. දුනුමාල ඇල්ලට එහි ගම් වැසියන් " උදුවක ඇල්ල , අලවල ඇල්ල , අලවල දේවීන් පැන්න ඇල්ල " යන නම් භාවිතා කරනවා. ඒ නම් භාවිතා කිරීමට හෙතුව නම් දුනුමාල ඇල්ල වටා ගෙතුනු ඓතිහාසික හා පුරාවෘත්තීය කතාවය. එම නම් සෑදුනු කතාව කෙටින් ගත් විට, සූර්ය බණ්ඩාර කියලා ප්‍රාදේශීය රජෙක් මේ පැත්ත පාලනය කරපු කාලේ තවත් ප්‍රාදේශීය රජ කෙනෙක් එක්ක එතුමාට යුද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සූර්ය බණ්ඩාර රජ්ජුරුවො තමන්ගෙ ආදරණීය බිසෝවරුන් හත්දෙනාව ගල් ගුහාවක පරිස්සමට හංගලා ආරක්ෂාව යොදවලා යුද්දෙන් රජ්ජුරුවො දිනුවොත් ඈත පේන කන්ද මුදුනේ "සුදු කොඩියක්" උස්සන බවත් පැරදුනොත් "රතු කොඩියක්" උස්සන බවත් පැවසුවා. රජු යුද්දය දිනන්නට විය.. ඉන්පසු රජු තමන්ගෙ අතවැසියෙකුට කිව්වා ජයගත් බව ගිහින් බිසෝවරුන්ට පවසන්න කියලා. කෙසේවෙතත් යුධ ජයග්‍රහණයෙන් උදම් වෙලා සිටි මේ අතවැසියා ජය පැන් බීමත් සමග පණිවිඩය දීමට අමතක විය. හෝරා කීපයක් ගතවිය. රජුද ජය සමරා මත් වී අවසානය. අතවැසියා පණිවිඩය දී ඇතැයි සිතූ රජු විහිලුක් කිරීමේ අදහසකින් රතු කොඩිය එසවිය. "රතු කොඩිය" දැක බිසෝවරු අඬා වැළපී මැරෙන්න කියා කන්දකින් පහළට පැන්නේය. ඒ පැන්න කන්ද අවට ප්‍රදේශය අද "දේවීන්පැන්නැල්ල" කියලා ලස්සන පුංචි ගම්මානයක් වෙලා. එම නිසා මේ දිය ඇල්ල "අලවල දේවීන් පැන්න ඇල්ල" කියලත් හඳුන්වනවා. කන්දෙන් පැනපු බිසෝලා හත්දෙනාගෙන් එක බිසවක් කන්දේ වැල් ගාලක පැටලී බේරෙන්නට විය.ගම්මුන් සහ ගමේ ප්‍රධානියා ඇයව බේර ගත් අතර ගැබිණියක් වෙලා හිටපු එම බිසව පුත් කුමරෙක් බිහි කරන්නට විය. රජතුමා මෙම ආරංචියට දරුවා ප්‍රසූත කරපු තැනදී ගම් ප්‍රධානියාට තමන්ගෙ බෙල්ලෙ තිබූ වටිනා මාලෙ ගලවලා දීපු ප්‍රදේශය "දුන්නු මාලේ" හෙවත් "දුනුමාලේ" විදිහට කට වහරට හැරෙන්නට විය. මැරුණු බිසෝවරු "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්" විදිහට තුන් කෝරළය, හතර කෝරළයේ හා සියනෑ කෝරලේ සමහර ප්‍රදේශ ආරක්ෂා කරන බවට ගම්මු විශ්වාස කරන අතර අණ විණ හදි හූනියම්, ලෙඩදුක් කරදර වලට වගේම අස්වනු කපා ගෙට ගෙන ප්‍රයෝජනයට ගන්න කලින් "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්"ට පූජා පවත්තන්නට විය. තවද ඉතිහාසය අනුව තුන්වන විජයභාහු රජු වාසය කළ ලෙන් 3ක් මේ ආසන්නයේ පිහිටා ඇති අතර ඒ හරහා රත්නපුර නගරයට යා හැකි බව ගම්මුන් විස්වාස කරති.රජු මෙම ලෙන් දෙකක නිවහනක් කර ඇති බව කියනු ලැබේ. ජනප්‍රවාදයට අනුව, ශ්‍රී ලංකාවේ ඉපැරණි දෙවන පරකාමබාහු රජුගේ භෂ්මාවශේෂ, ඒ අසල අත්තනගල්ල රජ මහා විහාරයේ පිහිටි දඹදෙණි සෑය ස්ථූපයේ තැන්පත් කර ඇති බව පැවසේ. පැරණි බිසෝවරු තිදෙනෙක් දුනුමාල දිය ඇල්ලට ආසන්න පර්වතයක ඇති සිදුරු පහක් පංචා ක්‍රීඩාව කිරීමට භාවිතා කර ඇති බව පැවසේ. දුනුමල දියඇල්ලට සේවය කරන ජලධාරා නියඟයේ දී පවා සිඳී නොගිය බව ප්‍රදේශවාසීහු පවසති. දුනුමාල දියඇල්ලට ආසන්නව පිහිටා ඇති අලිපලවල්ල නමින් හැඳින්වෙන ගැඹුරු තටාකයක් මීට වසර සිය ගණනකට පෙර අලි නාවීම සඳහා භාවිතා කර ඇත.
මෙසේ ගම්මුන්ගෙන් තොරතුරු දැන ගත් අප දුනුමාල ඇල්ලේහි සුන්දරත්වය විද පැමිනි මාවතෙහිම ගමන් කරමින් දුනුමාල සංචාරය නිමා කරන්නට විය..
ඒ ලස්සන බලන්න ඔයත් යන්න. ඓතිහාසික වටිනාකමක් ඇති ඒ ස්ථාන...
Read more🌊 Dunumala Waterfalls – A Hidden Oasis Near Negombo
Today’s adventure took me on a peaceful journey, about 1.5 hours from Negombo, to the Dunumala Waterfalls — a truly hidden gem tucked away from the noise of everyday life.
After a short 300-meter trek down a small footpath, I was greeted by the gentle sound of cascading water, echoing through the trees. The air was still. The only rhythm came from nature itself. It’s not a massive waterfall, but the energy of the place… pure therapy for the soul and a true feast for the ears.
The spot is perfect for a quiet getaway, meditation, or a mindful picnic — an underrated treasure that deserves more love and less damage.
However, like many serene locations in Sri Lanka, it carries a sad truth: plastic bottles and trash left behind by careless visitors. It’s heartbreaking to see something so beautiful slowly being polluted.
🧞♂️My Message to Visitors: Please, if you visit Dunumala — take only memories, leave only footprints. Let’s protect what’s pure, for the next soul in search of silence and wonder.
#DunumalaWaterfalls #HiddenGemSL #EcoConsciousTravel...
Read moreVery beautiful Natural Waterfall. You need to travel 9km from Warakapola to reach this place. The road condition is good but too narrow, so drive careful. Parking available on local peoples properties for Rs.100. But get to here you need to travel like 500m from the Main road. That part is a bit hard. You need to go down a very steep slope & go up on also steep slope & again down. There's no good road to reach this place. You need to hike all 500m in a very poor condition footpath. But when you get there it's all worth it. Very beautiful & awesome place. Local peoples host a few shops nearby. You can change clothes in those places (I don't know about the quality of those places). You can buy local foods like Roti, Strong Hoppers, Sri Lankan Pancake, from these shops. Overall a very good place...
Read more