This what the legacy stone tablet posted by the Kayman's Bell-tower says:
"Kayman's Gate Bell Tower - John Capper in his book titled 'Old Ceylon' mentions that during the Portuguese period and later the Dutch occupation there were two fortifications. The inner fortress is where the present Fort (Kotuva) stands. The outer walls of cabook (laterite) and lime were extended as far as the Saint John's River. This outer Wall stretched along its bank was terminated at the sea beach to form the present Pettah (Pita Kotuva). Kayman's Gate and its tower were then a guarded east approach to Pettah, where the wooded hills of Wolfendhal and Hulftsdorp could be seen in the distance. Kayman (Caiman) meant alligator and the name was given to the gate as the crocodiles, at that period found in the Beira Lake, were coming to this spot to eat the garbage thrown out by the city dwellers. A large bell is hung up In the upper section of the pillar, which has an arch shaped head, decorated with a conical form of design at its apex. The Kayman's Gate bell is said to late back to the sixteenth century, and to have originally hung in the Portuguese Church dedicated to Saint Francis, which once stood in the heart of the Royal City of Kotte. The bell, found amidst the ruins was apparently removed in due course by the Dutch, and was set up on the Belfry at Kayman's Gate."
Unfortunately, sad to see the current...
Read more"පාරු පාලමෙන් කොළඹට ගැල්පේලිය සැපත් වුණා ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා”
එදා සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ. තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරපු ඝණ්ඨාර කුළුණක් විතරයි. මේ ගාණ්ඨාර කුළුණ තියෙන්නේ කොළඹ නගරය මැද. මේ කියන කයිමන් දොරටුවේ අතීතය හොයාගෙන යද්දි පෘතුගීසි පාලනය කාලෙට යන්න වෙනවා. ඒ කාලේ පරංගින්ගෙ ප්‍රධානතම බලකොටුව වුණේ කොළඹ කොටුව. අද හඳුන්වන ඕල්කට් මාවත සහ අවට ප්‍රදේශය වටකරමින් පෘතුගීසින් කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් බැන්දා. ඒ විශාල තාප්පයෙන් කොටු වුණ කොටස තමයි කොටුව විදිහට හැඳින්වුනේ. තාප්පයෙන් පිටත පිටකොටුව. පිටකොටුවෙ ඉඳන් එන කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න තිබ්බෙ එකම එක මාර්ගයක්, නැත්නම් දොරටුවක් විතරයි. ඒ තමයි කයිමන් දොරටුව. මේ කයිමන් ගේට්ටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St. John’s Canel) මතින් ඉදිවුණ පාලමට. පසු කාලයකදි ඉංග්‍රීසින් විසින් මේ කොටුව වටා තිබුණු ප්‍රකාරය කඩා දමලා ශාන්ත ජෝන් ඇළ සහ ඒ අවට පහත් බිම් පුරවල කොටුව සහ පිටකොටුව එකම භූමියක් විදිහට පත් කරා. ඒ නිසා අද ඉතිරිවෙලා තියෙන්නෙ කයිමන් දොරටුව අසල තිබුණු සුවිශාල ඝණ්ඨාර කුළුණ විතරයි. පිටකොටුව ප්‍රධාන වීදියෙ ඉඳන් ඕල්කට් මාවත දෙසට 4 වෙනි හරස් වීදිය පටන් ගන්න තැනම තමයි මේ ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නෙ. පෘතුගීසින් නම් මේ දොරටුව හැඳින්නුවෙ “පුර්ටෙ රෙයිනා” හෙවත් “බිසෝ දොරටුව” යන නමින්ලු. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා. ලන්දේසි මේ දොරටුව හැඳින්නුවෙ කයිමන් දොරටුව නමින්. ඒකට විශේෂ හේතුවක් තිබුණා. ඉහත සඳහන් කරපු ශාන්ත ජෝන් ඇළ බේරෙ වැවට සම්බන්ධයි. බේරෙ වැවේ හිටිය කිඹුලන් මේ ඇළ මාර්ගය දිගේ ඇවිත් මේ දොරටුව අසල හිඳිමින් කුණු කසල ආදිය කා දමමින් ජීවත් වුණාලු. හැම වෙලාවෙම කිඹුලන් ගැවසුණු තැනක් නිසා මෙතැනට ලන්දේසි බසින් Kaimaan Port විදිහට හඳුන්වන්න පටන් ගත්තා. ලන්දේසි බසින් කයිමාන් කියන්නෙ කිඹුලන්ටලු. මේ සුවිශේෂි දොරටුව පිහිටි තැන අදට ඉතිරිවෙලා තිබෙන මේ ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් විතර උස ආරුක්කු හැඩයෙන් යුක්ත එකක්. ඝණ්ටාරය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලගෙ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ ප්‍රදේශයෙ හදපු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක්. මේ ඝණ්ඨාරය ඒ කාලෙදි එදිනෙදා වාදනය වුණේ රාත්‍රී කාලයෙදි කයිමන් දොරටුව වහන අවස්ථාව දැනුම් දෙන්නට. නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙදි. ඒ 1926 ජනවාරි 21 වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවන ලෝක යුද්ධයෙ අවසාන කාලයෙදි ජපානය යටත් වුණු දිනයෙදි. මේ විදිහට කොළඹ කොටුවේ තියෙන එකම පෞරාණික සාධකය විදිහටමේ කයිමන් දොරටුව හඳුන්වන්න පුළුවන්. අදටත් නිනව්වක් නැතුව කොටුවේ පිටකොටුවේ ඇවිදින අතරේ ඔබට අනන්තවත් කයිමන් දොරකඩ පහුවෙලා ඇති. ඊළඟ පාර වත් උනන්දුවෙන් බලන්න මේ සුවිශේෂි පෞරාණික ස්ථානය දිහා. (තොරතුරු ඇවිදිමු...
Read moreකොළඹ රජ වීදිය (Konings street / Kings street) නමින් එදා හැඳින්වු පිටකොටුවේ කෙලින් වීදියේ (Main Street) එහා කෙළවරේ පැරණි නගර සභා ගොඩනැගිල්ල පෙනෙන මානේ කාටත් නොපෙන ලෙස හුදුකලාවු ඝාන්ඨාර කුළුණක් තියෙනවා. අතීතයේ කයිමන් දොරකඩ ඝාන්ඨාර කුළුණ (Belfry at Kayman’s Gate) නමින් හැඳින්වුනු මේ කුළුණ කාගෙවත් අවධානයට ලක්නොවි තියෙනවා. ආරුක්කු හැඩයෙන් යුක්ත මිටර් හතරක් පමණ උස මේ කුළුණ තියෙන තැන තමයි මේ අපි කතා කරන කිඹුල් දොරටුව පිහිටලා තිබුනේ. මෙතැන සන්නද්ධ මුරභටයෙක් රදවලා තිබ්බ මුරගෙයක් එහෙමත් තිබුනා. පස්සේ කාලෙක මේ මුරගෙය කැඩිබිදි නටබුන් වෙලා ගිහිල්ලා කොටුව පිටකොටුව ජනාකීර්ණ වෙළඳ පොලක් බවට පත්වූනා.
පෘතුග‍්‍රීසින් සිංහලයන් හමුදාවන්ගේ ප‍්‍රහාරයන් වලින් බේරෙන්න හැදුව ආරක්ෂක උපක‍්‍රමයක්වුනේ බේරේ වැව කොළඹ කොටුව වටා ඉදිකරපු එක. ලන්දේසින් කොළඔ නගරය පෘතුග‍්‍රීසින්ගෙන් අල්ලගන්නා විට බලකොටුව තනා තිබ්බේ කබොක් ගලෙන් කියලයි සඳහන් වෙන්නේ. ඉතිං මේ බලකොටුවට ඇතුල්වෙන්න තිබුනේ දොරටුවලින් පමණයි. අපි මේ කියන කිඹුල් දොරටුව තිබ්බේ උතුරු පැත්තේ. ශාන්ත ජෝන් ඇල මතින් පාළමකින් එතෙරවෙලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ලැබුනේ. මේ ශාන්ත ජෝන් ඇල බේරේවැවට සම්බන්ධවුනු නිසා මේ ඇලේ කිඹුලන් විශාල විදිහට හිටියා. කිඹුලන්ගෙන් බලකොටුවට ආරක්ෂාවක්ද ලැබුණා. පස්සේ කාලෙක මේ ඇලමාර්ගයත් අවට පහත් බිම් ටිකත් අපේ කොළොම්පුරේ පාලනය අතට ගත්තු ඉංග‍්‍රීසින් විසින් පුරවලා ගොඩකරලා දැම්මා. කාලෙකට ඉස්සර ඔය අපි මාළු ගන්න ගිය ශාන්ත ජෝන් මාළු මාකට් එක ( දැන් එතැන තියෙන්නේ ගොල්ඞ් සෙන්ටර් එක ) පිහිටලා තිබුනේ එක කෙලවරක තමයි. කොළඹ බලකොටුවට ඇතුල්වන දොරටුවට කිඹුල් දොරටුව නම තිබ්බේ ලන්දේසින්. Kaimaan’s Poort නමින් ලන්දේසින් හැදින්වුවා. ඇමරිකානු ඉන්දියානු වචනයක් වන "ගෙයිමන්" දැවැන්ත කිඹුලා තේරුමය ගෙන දෙන එකක්. කෙයීමන් ලෙසින් ඉංග‍්‍රීසියටත් (Kayman’s Gate) කයිමන් දොරටුව කයිමන් දොරකඩ විදිහටත් සිංහලයට පෙරලූනා. මොකටද දොරටුවට ඝාන්ඨාරයක්? මේ කුළුනේ තියෙන ඝාන්ඨාරය බොහෝම පැරණි ඝාන්ඨාරයක්. පෘතුග‍්‍රීසින් විසින් ශ‍්‍රී ජයවර්ධන පුර කොට්ටේ පිහිටුවන ලැබු ශාන්ත ෆ‍්‍රෑන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයේ එකක් බවයි ඓතිහාසික තොරතුරුවලින් කියවෙන්නේ. පස්සේ කාලෙක ලන්දේසින් ගේ අතින් දේවස්ථානය විනාසවුනා. දේවස්ථානයේ ඝාන්ඨාරය අරන් ආපු ලන්දේසින් එක කොළඹ බලකොටුවේ උතුරු පැත්තේ දොරටුව අසළ පිහිටෙව්වා. මේ ඝාන්ඨාරයෙන් ආදිරිප්පු වීදියේ පල්ලියේ (Wolvendaal Church) ඉරිඳා දේව මෙහෙයන් දැනුම් දිමත් රාති‍්‍ර කාලයට දොරටුව වසන වේලාව සියල්ලන්ටම දැනුම් දෙන්නටත් (Curfew Bell) යොදාගත්තා කියනවා. දේව මෙහෙයන් දැනුම් දෙන්නට උදේ සවස දේව මෙහෙයට පැය බාගයක විරාමයන් සහිතව තුන්වරක් නාදවුනා කියනවා. එත් සමහරුන් නම් කියන්නේ පල්ලියේ ඉදලා ඝාන්ඨාරයට තියෙන දුරත් එක්ක මේ වැඬේට මේක යොදාගත්තා කියලා හිතන්න අමාරු බවයි.
වෙනත් ඝාන්ඨාර වල කොටලා තියෙන්නේ එක නිෂ්පාදිත වර්ෂයයි කරවන තැනැත්තාගේ නම වුනත් මේ ඝාන්ඨාරයේ තියෙන්නේ "ආවේ මරියා ග‍්‍රාන්සියා ප්ලේනා දෝමිනුස් තේ කුමි බෙනදික් තා තු මුලියේරිබුස් " යන ලතින් භාෂාවෙන් ලියැවුනු ආගමික පාඨයක් තමයි. එ් නිසා මේක ගොඩාක් සුවිශේෂි එකක්...
Read more